ජනපති සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක

පෙබරවාරි 26, 2019

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (25) පෙරවරුවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ගජබා රෙජිමේන්තු ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබීය

අනතුරුව නේවාසික ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට එක් වූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කඳවුරු පරිශ්‍රයේ ඉදිකර තිබෙන ජල චිකිත්සක නව පිහිනුම් තටාකය ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කෙරිණි.

ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද ජනාධිපතිතුමා දැක බලා ගැනීමට කඳවුරු පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ ගැටලු කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

සාලියපුර ග්‍රාමීය රෝහලේ අඩුපාඩු සම්පුර්ණ කර ගැනීම ඇතුළු එම ගැටලු පිළිබඳ සොයා බලා කඩිනමින් ඒවා ඉටුකරදීම සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරි දිනවල දී ප්‍රදේශයට එවන බවට ජනාධිපතිතුමා එහි දී ජනතාවට පොරොන්දු විය.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය