රුසියානු නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 27, 2019

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් ඇතුළු නියෝජිත පිරිසක් අද (පෙබරවාරි 27) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී ආරක්ෂක ලේකම් ප්‍රනාන්දු මහතා සහ රුසියානු නියෝජිත පිරිස ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති අන්‍යොන්‍ය කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූහ.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) අනුරාධ විඡේකෝන්, ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක යන මහත්වරුද සහභාගි වූහ.