ළමුන් සඳහා ආරක්‍ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි - ආරක්‍ෂක ලේකම්

ජුලි 27, 2020
  • ළමා අපයෝජනයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සමඟ එක්වේ
  • ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසියෙන් කඩිනම් පියවර
  • 2015 සිට 2019 දක්වා ළමා අපචාර සම්බන්ධ 47,177 කට වඩා වැඩි පැමිණිලි
  • ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 කෙටි දුරකථන අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 550,000 ක්

“සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්‍ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා”  ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය එක්ව සංවිධානය කළ රැස්වීමකදී අද (ජූලි 27) අමාත්‍යාංශයේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරින් වැළැක්වීමට කටයුතු කිරීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා පහසුවෙන් මුදල් උපයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ද මෙයට සම්බන්ධවීම “මේ වන විට රහසක් නොවනවා වගේම කනගාටුවට කරුණක්” යැයි පැවසූ ඔහු තවදුරටත් පවසා සිටියේ මේ දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වාගෙන යන බවයි.

පවත්නා නීති වල පවත්නා මෘදුභාවය හා යුක්තිය ඉටුකිරීමේ අකාර්යක්‍ෂම බව පිළිබඳව සියලු දෙනා එකඟ වනු ඇත. එම නිසා වැරදිකරුවන් වැරදි කිරීම සඳහා වන පෙළඹවීම වැළැක්වීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව ඇති දඬුවම් සංශෝධනය කිරීම අවශ්‍ය බව මේජර් ජෙනරාල් ගුණරත්න තවදුරටත් අවධාරණය කළේය.  

අංක 50 දරණ ළමා ආරක්‍ෂණ පනත 1998 වර්ෂයේදී පාර්ලිමේන්තුව තුල සම්මත විය. ළමා ආරක්‍ෂණය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමේ උත්සාහයන් 2019 මැයි මාසය දක්වා ප්‍රමාද වූ අතර, කැඳවන ලද රැස්වීමේ අරමුණ වූයේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම ‘ අනුව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා තාක්‍ෂණික කමිටුවක් පිහිටුවීමයි.

ආරක්‍ෂක, අධ්‍යාපනය, සෞඛ්‍ය, අධිකරණ, සමාජ සුභසාධන, කම්කරු, සංචාරක, ජනමාධ්‍ය යන අමාත්‍යාංශ ඇතුළු පාර්ශවකරුවන් සමග එක්ව කටයුතු කරන ජාතික ක්‍රියාත්මක කිරීමේ කමිටුව, අපේක්‍ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ළමා ආරක්‍ෂණය පිළිබඳ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම සහ අධීක්‍ෂණය යටතේ බලාත්මක කිරීම හා අධීක්‍ෂණය කිරීම සිදුකරනු ලබයි.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අරමුණු යටතේ, ළමා හිතකාමී සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන අරමුණු තුනක් සාක්ෂාත් කරගැනීම, ඵලදායී හා කාලෝචිත ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, පොලිසිය හරහා සිදුකරවීම කෙරෙහි ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.

මේ අතර, 2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47,177 ක් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව අනාවරණය විය. ඊට අමතරව 1929 ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බවද වාර්තා වේ.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ නියෝජ්‍ය සභාපති, හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ අධ්‍යක්‍ෂක ජෙනරාල් අනෝමා සිරිවර්ධන යන අය විසින් මේ පිළිබඳව ඉදිරිපත් කිරීමක්ද සිදුකරන ලදි.