ශ්‍රී ලාංකිකයින් 330 ක් අද ඩුබායි සිට පැමිණීමට නියමිතය

ජුලි 31, 2020

විදෙස් රටවලින් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්  නැවත මෙරටට ගෙන්විමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලාංකිකයින් 330 ක් රැගත් එමිරේට්ස් ගුවන් සේවයේ EK 648 ගුවන් යානය අද (ජූලි31) රාත්‍රී 1145 වන විට ඩුබායි සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බව  ගුවන් තොටුපල කළමනාකරු පැවසීය.

වසංගතය  පැතිරීමේ අවදානම පහල යාම  සහ නිරෝධායන පහසුකම් ලබා දිමේ හැකියාව  සැලකිල්ලට ගෙන ඔවුන්  නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය ගත් තීරණයත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොලම්බගේ පැවසූ පරිදි දෙවන කණ්ඩායම හෙට (අගෝස්තු 1) අබුඩාබියේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතය.