රු. මිලියන 31 ක්, ඇමරිකානු ඩොලර් 140,000 ක් සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අගෝස්තු 01, 2020

දෙමටගොඩ නිවසක තිබී විශාල මුදල් සහ හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

කොළඹ උතුරු කොට්ඨාශයේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ඊයේ (ජූලි 31) රාත්‍රියේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  

නිවසේ තිබී රු. මිලියන 31.3 ක්, ඇමරිකානු ඩොලර් 140,000 ක් සහ හෙරොයින් ග්‍රෑම් 4 ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

දෙමටගොඩ පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි මෙම සැකකරු කොළඹ වරාය පොලිසිය වෙත ඉදිරිපත් කරන ඇත.

වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.