හජ් සාමකාමී සහ සහජීවනය තවදුරටත් වර්ධනය කර ගැනීමේ උත්සවයක් - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

අගෝස්තු 01, 2020

මේ වසරේ හජ් උත්සවය සියලුම මුස්ලිම්වරුන්ට අල්ලාහ් දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්‍යෝගය වර්ධනය කර ගැනීමට උපකාරී වනු ඇතැයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් අද (අගෝස්තු 01) හජ් උත්සවය පිළිබඳ සිය පණිවුඩයේ සඳහන් කර ඇත.   

හජ් උත්සවයේ වැදගත්කම පිළිබඳව වටහාගෙන සිටින රජය මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.   

“ශුද්ධ වූ අල් කුරානයේ ඉගැන්වීම්වලට අනුකූලව ඉතිහාසය පුරාම සෙසු සියලු ජන කොටස් සමඟ සාමයෙන් හා සමගියෙන් ජීවත් වූ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අනාගතයේදී ද එම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යනු ඇතැයි මට විශ්වාසයි”, සියලුම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට සුබ හජ් උත්සවයක් ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිතුමන් පැවසීය.