ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ නව ලේකම් වැඩ අරඹයි

මාර්තු 12, 2019

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස එන් කේ ජි කේ නැම්මේවත්ත මහතා අද (මාර්තු 12) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකින් අනතුරුව සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

එම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු ආරක්‍ෂක අමාත්‍යංශ සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සහභාගි විය.