ගිනිගත් තෙල් නෞකාව පිළිබඳ සමුද්‍රීය පාර්ශවකරුවන්ගේ අදහස් ලබාගැනේ

සැප්තැම්බර් 14, 2020

සමුද්‍රීය ආපදාවට ලක්වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සියළුම සමුද්‍රීය පාර්ශවකරුවන්ට අද (14) පැවති සාකච්ඡාවකදී උපදෙස් දුන් බව පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනි ලහඳපුර කියා සිටියාය.

එමගින් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවූ වියදම් පියවා ගැනීම සඳහා ප්‍රවේශයන් පිළිබඳ සොයනු ඇතැයි ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා මුහුදේ තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැති බව ලහඳපුර සනාථ කළාය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන පරිදි මේ වන විට ආපදාවට ලක්වූ යාත්‍රාව මඩකලපුවේ සිට නාවික සැතපුම් 59 ක් ඈතින් වූ මුහුදේ ස්ථානගත කර ඇත.