විශේෂ කාර්ය බලකාය පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී ගංජා සහ කහ තොගයක් අත්අඩංගුවට ගනී

සැප්තැම්බර් 15, 2020

පුදුකුඩිරිප්පු උයිලන්කුලම ප්‍රදේශයේදී ලොරි රථයකින් සහ ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු කේරළ ගංජා කිලෝ 52 ග්‍රෑම් 353 ක් සහ කහ කිලෝ 920 ග්‍රෑම් 250 ක ප්‍රමාණයක් අද (15) විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් අනුව ශ්‍රී ලංකා පොලිසිය සමඟ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක දී මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 1,725,000 ක් සහ ඇමරිකානු ඩොලර් 100 මුදල් නෝට්ටු 5 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

වයස අවුරුදු 28 ත් 44 ත් අතර පසුවන මෙම සැකකරුවන් උයිලන්කුලම, උප්පුකුලම් සහ මරදමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද මන්නාරම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්නාරම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.