ජපාන නියෝජ්‍ය තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

මැයි 21, 2019

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ටොෂිහිරෝ කිටමුරා (Mr. Toshihiro Kitamura) මැතිතුමන් අද (මැයි 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩීසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ජපාන නියෝජ්‍ය තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්භන්ධිකරණ නිලධාරි බ්‍රිගේඩියර් ටීජේ කොඩිතුවක්කු ද සහභාගී විය.