තරුණ පරම්පරාව ආරක්ෂා කර ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ යුතුය - ආරක්ෂක ලේකම්

සැප්තැම්බර් 26, 2020

    • වර්තමාන ලෝකයේ ශිෂ්ඨ සම්පන්න ප්‍රජාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

    • අපරාධ මැඩලීම සඳහා රන් පලිහක් ලෙස ක්‍රියා කිරීමට බාලදක්ෂ පුහුණුව.

    • බාලදක්ෂයෙකු සෑම විටම බාලදක්ෂයෙකි

බාලදක්ෂයින්ට කළ හැකි දෑ වටහා ගෙන ශ්‍රී ලංකා ප්‍රජාව තුළ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගත යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

මත්ද්‍රව්‍ය හා අපරාධ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා යෞවනයන් සම්බන්ධ වීම පිලිබදව සඳහන් කරමින් “අපේ අනාගත පරපුර සඳහා සුරක්‍ෂිත රටක් බිහි කිරීම සඳහා චරිත හැඩගැස්වීමක් ලෙස බාලදක්ෂයන්ගේ අත්‍යවශ්‍යතාවය අතිශයින්ම වැදගත් වනු ඇත”. ඔහු පැවසීය.

රටේ යෞවනයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අපරාධ, පාතාල ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා බාලදක්ෂ පුහුණුව ස්වර්ණමය පලිහක් වනු ඇතැයි ඔහු සදහන් කළේය.

තරුණ පරම්පරාව නීතිවිරෝධී කටයුතු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා බාලදක්ෂ සංකල්පය ප්‍රවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අප සියලු දෙනා උපරිමයෙන් කටයුතු කළ යුතු බව අද (සැප්තැම්බර් 26) කොළඹ දී පැවති ශ්‍රී ලංකා රැජින සහ ජනාධිපති බාලදක්ෂ සංසදයේ 20 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.   

අප කවුරුත් දන්නා පරිදි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංසදයේ  ප්‍රධානියා  වේ. එමනිසා, එතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ට අනුකූලව කටයුතු කිරීමේ  අවශ්‍යතාවය පිළිබදවද ඔහු අවධාරණය කළේය.

රටේ තරුණ පරම්පරාවට යහපත් අනාගතයක් උදාකරලීම උදෙසා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සදහා අප සහාය දිය යුතු බව ඔහු පැවසීය.

පසුගිය වසර 20 ක කාලය තුළ මෙම සංසදයේ ක්‍රියාකාරිත්වය පිලිබදව සදහන් කරමින්  මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ සංසදයේ සාමාජිකයින් විසින් ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව එහි අරමුණු ලගාකර ගැනීම සඳහා කැපවී ඇති බව පැහැදිලිව දැකගත හැකිවු බවය. ඔහු පැවසීය.

 “ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කිරීමට ඔබට කළ හැකි දේ කිරීම කියන පාඩම මට මගේ හමුදා ජීවිතයට අඳාල කරගනු ලැබුවා.” යනුවෙන් සඳහන් කරමින්  තවදුරටත් ඔහු පැවසුවේ “වරක් බාලදක්ෂයෙක් වු අයෙකු සෑම විටම බාලදක්ෂයෙකු වනවා  වගේම  ඔහු සැම විටම සමාජය හා සමස්තයක් වශයෙන් ලෝකය ගැන සැලකිලිමත් වේනවා” යනුවෙනි.

තරුණ පුද්ගලයෙකුගේ ජීවිතයේ පළමු වසර 21 වැඩිහිටියන්ගේ ලෝකය සඳහා සූදානම් වීමේ කාලය ලෙස සඳහන් කරමින්  ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ “ඔහු මේ වසර කිහිපය තුළ ජීවිතයේ දීර්ඝතම හා දුෂ්කර පුහුණුවක් හා ආධුනිකත්ව පුහුණුවක් ලබනවා ඒ වගේම ඔහු පරිණතභාවයට පත්වන විට ක්‍රියාශීලි පුරවැසියෙකු ලෙස තම කාර්යභාරය ඉටු කිරීමට සම්පූර්ණයෙන්ම සූදානම් විය හැකිය” යනුවෙනි .

ජනාධිපති බාලදක්ෂ සම්මානය දිනා ගැනීමේ සන්ධිස්ථානය කරා ළඟා වූ පසු, අප විසින් කරනු ලබන ක්‍රියාකාරකම්, ඵලදායී චරිත ගොඩනැංවීමට    අපට සහයක්  වන බව ඔහු සිහිපත් කළේය.

අපගේ කාර්යභාරය වන්නේ  මෙහෙයුම් සඳහා ඉහළ පෙළ නිළධාරීන් විසින් ලබා දී ඇති නියමිත අරමුණු   සාක්ෂාත් කර ගැනීම සඳහා   ගනු ලබන තීරණවලට සහාය වීම බව, හමුදාවේ ඉහළ නිළධාරීන් විසින් ගනු ලැබූ තීරණ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසීය.

සෑම තරාතිරමකම නායකයින් වශයෙන් ඉහළම මට්ටමක  ධෛර්යය, කැපවීම සහ අවංකභාවය පිළිබඳ අවශ්‍යතාව අවධාරණය කරමින් “දැනුම, ප්‍රඥාව, කුසලතා මෙන්ම වඩා වැදගත් වන සමාජයේ  ජීවත්වන රටාව ද බාලදක්ෂයෙකු ලෙස ඉගෙන ගැනීමට හැකිවීම බාලදක්ෂයෙකුගේ ජීවිතයේ ලක්ෂණයි”. ඔහු පැවසීය.

ධෛර්යයෙන් හා අවංකභාවයෙන් පරිපූර්ණ වී ඇති  රාජකාරියේ විශිෂ්ටත්වය හා වගකීම වැනි ගති ලක්ෂණ බාලදක්ෂ ජීවිතයෙන් මා රැස් කළ වැදගත් පාඩම් වන අතර එය මගේ ජීවිතයේ මූලික අඩිතාලම බවට පත්ව ඇති බව ඔහු සඳහන් කළේය.

උත්සවය අතරතුර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ  ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති චන්ද්‍ර  වාකිෂ්ඨ, ශ්‍රී ලංකා රැජිණ සහ ජනාධිපති බාලදක්ෂ සංසදයේ  සභාපති කමල්නාත් ජිනදාස, හිටපු බාලදක්ෂ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.