කැනේඩියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 17, 2019

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (HE Mr David McKinnon) මැතිතුමන් අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පිඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ කැනේඩියානු මහ කොමසාරිස්තුමන් අතර ද්විපාර්ශ්වික වැදගත්කම ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාවට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මයිකල් හොගාන් (Col Michael Hogan) මහතාද සහභාගී විය.