ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම තාවකාලිකව නවතී

ඔක්තෝම්බර් 15, 2020

2021 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් පමණක් සිදු කරනු ලබන ගිනි අවි බලපත්‍ සහ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යයාතන බලපත්‍ අළුත් කිරීමේ කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව කල් දමා ඇත (දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදු කරන ඉහත සේවාවන් මේ සඳහා අදාල නොවන බවද වැඩිදුරටත් දැන්වේ).

මේ වනවිට රට තුල පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන්  අදාළ සේවාවන් අපේක්ෂා කර අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණෙන්නන් සීමා කිරීමේ අදහසින් මෙලෙස  බලපත්‍ අලුත් කිරීම තවකාලිකව නවතා දැමීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.