ඉන්දියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 17, 2019

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ (Captain Ashok Rao) මහතා අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ඉන්දියානු ආරක්‍ෂක උපදේශකතුමන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම සඳහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.