දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

ඔක්තෝම්බර් 17, 2020

පූජනීය දීඝවාපිය  ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව, මහා සංඝරත්නය හා  ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  අතර සාකච්ඡාවක්  ඊයේ (ඔක්තෝබර් 16) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවත්විණි.

දීඝවාපිය  විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමීන් වහන්සේ, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති  පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා   පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසනායක, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, ගෘහ නිර්මාණ ශිල්පීන්, මිනින්දෝරුවන්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.