කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් අත්අඩංගුවට

ඔක්තෝම්බර් 20, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 200 ග්‍රෑම් 825 ක කේරළ ගංජා තොගයක් පසුගිය දිනෙක අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදි මෙම  කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.  

මුහුදු මගින් ගෙනවිත් බෙදා හැරීම‍ට සූදානම් කර තිබූ පොලිතීන් කවර 10 ක් තුළ පාර්සල් 94 ක් වශයෙන් අසුරන ලද මෙම තොගය ඕලුතුඩුවායි වෙරළේදී සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දී ඇත.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදුකර ඇත.