ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 27, 2020

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය වන බ්‍රෙන්ඩා බාටන් මහත්මිය, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (ඔක්තෝබර් 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

2018 - 2020 රටේ උපාය මාර්ගික සැලැස්ම අනුව ලෝක ආහාර වැඩසටහනේ ආධාර අදියර හරහා ලෝක ආහාර වැඩසටහන සමඟ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන ජාතික ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ විය.

ඒ අනුව, ලෝක ආහාර වැඩසටහනේ උපායමාර්ගික සැලැස්ම යටතේ ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ සැලැස්ම ආරක්‍ෂක ලේකම්වරයාට මෙහිදී දැනුම් දෙන ලදි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ සහ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රතිපත්ති නිලධාරි ඉන්දු අබේරත්න යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

මේ අතර, පසුගිය මාස කිහිපය තුළ COVID - 19 වැළැක්වීමේ සඳහා රජය විසින් ගනු ලැබූ පියවරයන් බාර්ටන් මහත්මිය අගය කළාය.

තවද, වර්තමාන COVID - 19 තත්වය තුළ ශ්‍රී ලංකා රජයට ලෝක ආහාර වැඩසටහන දක්වන සහයෝගය පිළිබඳව ද අදහස් හුවමාරු විය.

විශේෂයෙන් වසංගතය පාලනය කිරීම සඳහා රටේ හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සහ එහි හවුල්කරුවන් සමඟ මෙම සංවාදයේදී අවධානය යොමු කරන ලදි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පසුගිය කාලය තුළ ඇතිවූ හදිසි අවස්ථාවලදී ලෝක ආහාර වැඩසටහනේ ලබාදුන් සහය පිලිබඳව ද සඳහන් කළේය .

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය වසංගතය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ඉටුකරන ලද වැදගත් කාර්යභාරය මෙම සැසිවාරයේදී ඉස්මතු කළාය.

මේජර් ජෙනරාල් ගුණරත්න මහතා හමුදාව විසින් ලබාදෙන සහය පිළිබඳව පැහැදිලි කළ අතර, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල මහජනතාවට පහසුකම් සැලසීම සඳහා සිවිල් ආයතන හා හමුදාවේ සම්බන්ධීකරණය පිළිබඳව තවදුරටත් විස්තර කළේය.

නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා ද ලෝක ආහාර වැඩසටහනට සුබ පැතුම් එක්කළේය.

ඊසාන දිග මෝසමට ප්‍රතිචාර දැක්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ආයතන සහ ආහාර නොවන ආම්පන්න ස්ථානගත කිරීම ශක්තිමත් කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් තොරතුරු තාක්‍ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.

තවද, සැසිවාරයේදී උසස් නිලධාරීන් දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සුහදව සාකච්ඡා කළහ.