පුද්ගලයන් 58,697 ක් මේ වන විට නිරෝධායනය සම්පූර්ණ කර ඇත - NOCPCO

ඔක්තෝම්බර් 29, 2020

ඊයේ (28) හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් 335 ක් සමඟින්, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 9,205 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද (29) වන විට පුද්ගලයින් 58,697 ක් සිය නිවෙස් කරා ආපසු ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය පවසයි.

මිනුවන්ගොඩ පොකුර තුළ තහවුරු වූ සිද්ධීන්  5,731 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉන් 1,041 ක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (29) වන විට හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 70 ක පුද්ගලයන් 7039 ක් නිරෝධායනය වේ.

ඊයේ සිදුකරන ලද PCR පරීක්ෂණ 7,870 ක් සමඟ මෙරට සිදුකරන ලද PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 477,156 ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.