ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් රු. මිලියන 63 ක් වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

නොවැම්බර් 05, 2020

වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නොවැම්බර් 05 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නීරීක්‍ෂණය කර සිදුකල පරීක්‍ෂාවේදී එහි පොලිතීන් මළු 08ක් තුල පාර්සල් 98ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා නාවික හමුදා භාරයට ගන්නා ලද බව  නාවික හමුදා පවසයි.

තවද, සැකකරුවන් වයස අවුරුදු 36 සහ 41 යන වයසේ පසුවන වෙත්තලකර්නි උඩුත්තුරෛයි සහ අලියාවලෛයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

අදාල සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
 
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදුව ඇත.

Sinhala.