සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරක්ෂක ලේකම්ගේ පරීක්ෂාවට

නොවැම්බර් 15, 2020

අනුරාධපුරයේ සඳහිරු ස්ථූපය ඉදිකිරීම් ස්ථානයට ඊයේ (නොවැ. 14) පැමිණි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා එහි කරගෙන යනු ලබන ඉදිකිරීම් කටයුතු වල වර්තමාන තත්ත්වය පිළිබඳව සහ ප්‍රගතිය පරීක්ෂා කරන ලදී.

එහිදී ආරක්ෂක ලේකම් විසින් ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

මෙම සංචාරයේදී ආරක්ෂක ලේකම් විසින් මෙම මහ පරිමාණ ව්‍යාපෘතියට සම්බන්ධ අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් සිදුකරන ලදි.

මෙහි දී මේජර් ජෙනරාල් ගුණරත්න විසින් ගඩොල් කිහිපයක් ස්තූපය මත තැම්පත් කරනු ලැබීය.