එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වල රැදී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමජිකයින්ගෙන් විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘති

නොවැම්බර් 18, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වල රැදී සිටින ගුවන් සේවා ඒකකයේ 4 වන කණ්ඩායම මගින් නොවැම්බර් 16 වන දින අකෝබෝ හි පිහිටි ළමා   නිවාසයේ විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල   බොර් හි පිහිටි සහන, ප්‍රතිසංවිධානය සහ ආරක්ෂණ අංශයේ සහාය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

උත්සවය අතරතුර පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් සහ වියළි සලාක බෙදා දෙන ලදී.

ශ්‍රී ලංකාව 1960 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා දායක වී ඇත.