ආරක්‍ෂක ලේකම් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සංචාරයක

දෙසැම්බර් 12, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 12 ) ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට (නැගෙනහිර නාවික විධානය)  පැමිණියේය.

රියර් අද්මිරාල් පෙරේරා විසින් කරන ලද ඉදිරිපත් කිරීම සදහා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් සහභාගී වූහ.

තවද මෙම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගන්නා ලදී.

මේජර් ජනරාල් ගුණරත්න මහතා එම අවස්ථාවෙන් පසු නාවික යාත්‍රාන්ගනයේ  නිරීක්ෂණයක චාරිකාවක නිරතවිය.