කර්නල් රාජපක්‍ෂ මගේ ජිවිතයේ ආදර්ශමත් චරිතයක් - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 01, 2021

මෙරට පැවති රුදුරු ත්‍රස්තවාදය 2009 වසරේදී අවසන් කිරීම සඳහා නායකත්වය ලබා දුන් එවකට ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනාධිපතිවරයාගේ පටන් ප්‍රබල නායකයින් බොහොමයක් ආනන්ද විද්‍යාලයේ යුග පුරුෂයෙක් වන දිවංගත  කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්‍ෂගේ මැතිතුමන්ගේ ශිෂ්‍යයන් බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.

“කර්නල් රාජපක්‍ෂ ගුරු පියාණන් මගේ ජිවිතයේ ආදර්ශමත් චරිතයක් “ ඔහු පැවසීය.

අධිකාරීතාවය මෙම යුග පුරුෂයා විසින් පාසල් මට්ටමින් නායකත්වයේ භාවිතයන් පිළිබඳව උපුටා දක්වමින් ‘අනුමැතිය’, ‘වගකීම’ සහ ප්‍රධාන වශයෙන් ‘වගවීම’ යන අංශ ඇතුලත් නායකත්ව ගුණාංග ඇතුලත්වූ ‘අණදීම’ පිළිබඳ අපට උගන්වන ලද බව ඔහු පැවසුවේය.

“මේ සියලුම දේවල් අභියෝග , ඒවාට මුහුණ දීම සඳහා අපට ආදර්ශයක් වුනේ ඔහුයි” යැයි ඔහු පැවසුවේ එම යුග පුරුෂයාගේ පෞරුෂය,චරිතය හා නායකත්ව ගුණාංග මතු කරමිනි.

මව්බිමට සේවය කිරීම සඳහා බොහෝ ආනන්දීයන් සන්නද්ධ හමුදා සමඟ එකතුවීමට ඔහුගේ චරිතය සුවිශේෂී ලෙස බලපෑමක් වූ බව ඔහු සිහිපත් කළේය.

“කර්නල් රාජපක්‍ෂ විසින් පාසැල් ශිෂ්‍ය නායකයින්ට උත්සව  සංවිධානය කිරීමට සහ අවස්ථාවන් තනිවම මෙහෙයවීමට ඉගැන්වූවා” යැයි පවසමින් ඔහුගේ කාලය තුළ මලල ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ සිදුවීමක් දිග හැර දක්වමින් ඔහු සිය මතකයන් අවදි කළේය.

ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කළේ ‘දිවංගත බ්‍රෙවේ කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්‍ෂ කුසලානය’ නමින් කුසලානයක් ජාතික ශිෂ්‍යභට බලකායට භාරදිම වෙනුවෙන් කොළඹ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ අද (දෙසැම්බර් 31) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම අනුස්මරණ කුසලානය ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා වෙත භාර දෙනු ලැබීය.

කර්නල් රාජපක්‍ෂ මහතා විසින් ජාතික ශිෂ්‍ය භට බලකාය වෙත කළ විශාල දායකත්වය හා සේවය පිළිබඳව තවදුරටත් සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය.“ මෙම සුවිශේෂී අවස්ථාවත් සමඟ වසරේ විශිෂ්ටතම ශිෂ්‍ය භටයා වෙත‘ කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්‍ෂ අනුස්මරණ කුසලානය’ 2021 වසරේ සිට වාර්ෂිකව පිරිනැමෙනු  ඇත. “මෙම කුසලානය ශිෂ්‍ය භටයන්ගේ දක්‍ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා දැඩි තරඟයක් ඔවුන් අතර ඇති කර ගැනීමට පෙළඹෙනු ඇතැයි මම විශ්වාස කරනවා”, ඔහු සඳහන් කළේය.

මාගේ කාර්ය බහුල රාජකාරී මධ්‍යයේ, මගේ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහාය ඇතිව ඔහුගේ ආදර්ශමත් චරිතාපදානය ලිවීමට මා කාලය වෙන් කරගෙන සිටිනවා යනුවෙන්ද ඔහු පැවසීය.

ජී.ඩබ්ලිව්. රාජපක්‍ෂ ආනන්ද විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය අරඹා පසුව එහි ගුරු මණ්ඩලයට බැඳී ඔහුගේම විදුහලේ විදුහල්පති බවට පත්විය.

මෙම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා විසින් ශිෂ්‍යභට ඛණ්ඩය, ක්‍රීඩා කටයුතු හා විද්‍යාලයේ නේවාසිකාගාරය භාර ගුරුවරයා ලෙස මෙන්ම නියෝජ්‍ය විදුහල්පති සහ විදුහල්පති ලෙස ද කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් සහ ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යක්‍ෂවරයා අතර සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් රවී ජයසිංහ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න, ආනන්ද විදයාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න හා ගුරු මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති හා සාමාජිකයින්, ආදි ආනන්දීය තුර්ය වාදක කවයේ සභාපති හා සමාජිකයින්, ජාතික ශිෂ්‍යභට බලකා නිලධාරින්, ශිෂ්‍යභටයින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි විය.