ජනවාරී 12, 2021
අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සංරක්‍ෂිත ගොඩනැගිල්ලක් විවෘත කළේය
ආරක්ෂක ලේකම් සහ අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඊයේ (ජනවාරි 11) දින කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ අතර එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සංරක්ෂණය කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කරන ලදී.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග ලේකම්වරුන්, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සිසුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.