මිලියන 25 ක් වටිනා මුව ආවරණ සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල තොගයක් ත්‍රිවිධ හමුදාවට

ජනවාරී 20, 2021

කොවිඩ්-19 ට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාරය අගය කරමින් කොරියානු සමාගම් දෙකක් ඒකාබද්ධ වී මුහුණු ආවරණ සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කරන ලදි.

IME Korea සහ SD Biosensors යන සමාගම් ඔවුන්ගේ මෙරට පාර්ශවකරුවන් හරහා මෙම පරිත්‍යාගය සිදුකළ බව යුධ හමුදාව පවසයි.

කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සංවිධානය කරන ලදි.

හමුදා භට පිරිස් වල භාවිතය සඳහා වන මුහුණු ආවරණ 8,000 ක් සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල 10,000 ක පමණ ප්‍රමාණයක් මෙම තොගයට ඇතුලත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 25 ක් වේ.

ශ්‍රී ජයවර්ධනපුර යුධ හමුදා මූලස්ථානයේ පැවති මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගය ලබාදුන් සමාගම්වල දේශීය හවුල්කරුවන් සහභාගි වන ලදි.

Sinhala.