තවත් PCR පරීක්ෂණ 18,515 ක් ඊයේ සිදු කරන ලදි

ජනවාරී 24, 2021

අද (ජනවාර 23) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 724 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 57,586 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 197 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 110 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 106 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 311 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 24) දින ප්‍රකාශ කරන ලදි.

ඊයේ (23) දින තවත් PCR පරීක්ෂණ 18,515 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 633 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 49,260 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,046 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 91 ක් යටතේ පුද්ගලයින් 8,117 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 02 ක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් තිබේ.