ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 49,683 දක්වා ඉහළට

ජනවාරී 25, 2021

අද (ජනවාරි 25) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 843 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 58,429 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් සිටින අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 480 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 86 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 72 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 203 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 25) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 54,529 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 44,527 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (24) දින තවත් PCR පරීක්ෂණ 17,523 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 423 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 49,683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 8,463 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 94 ක් යටතේ පුද්ගලයින් 7,812 ක් නිරෝධායනය කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 03 ක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 283 දක්වා ඉහළ ගොස් තිබේ.