නාවික හමුදාව කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරී

පෙබරවාරි 22, 2021

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ කැස්බෑ පැටවුන් 78 දෙනෙකු ඊයේ (පෙබරවාරි 22) දින පානම වෙරළට මුදා හැර තිබේ.

සමුද්‍ර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ අරමුණින් යුතුව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව පවසයි.

ගිණිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල් උභයසිරි මෙම අවස්ථාවට සහභාගී විය.

Sinhala.