ඊයේ (22) තවත් PCR පරීක්ෂණ 11,779 ක්

පෙබරවාරි 23, 2021

අද (පෙබරවාරි 23) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 518 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 80,516 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විසි අට දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 175 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 77 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 41 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 197 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 23) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 76,918 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 73,716 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (22) දින තවත් PCR පරීක්ෂණ 11,779 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 811 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 75,109 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 4,957 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 97 ක් යටතේ පුද්ගලයින් 9,618 ක් නිරෝධායනය කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 05 ක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් තිබේ.