‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

මාර්තු 03, 2021

‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල සඳහා බෞද්ධයා රුපවාහිනී නාලිකාව විසින් රුපියල් මිලියන 50 ක පරිත්‍යාගයක් ඊයේ (මාර්තු 02) දින ලබාදෙන ලදි.

ඊට අදාළ චෙක්පත බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ උදාරතර කර්තව්‍යය සඳහා ‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 12 දින පිහිටුවන ලදි.  

දීඝවාපී ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව ඉදිකෙරෙන විශ්‍රාම ශාලාවේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 75 ක් වන අතර සුදත් තෙන්නකෝන් මහතා ඒ සඳහා රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කළේය. ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 50ක මුදල බෞද්ධයා නාලිකාව විසින් පරිත්‍යාග කර තිබේ.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), එහි ලේකම් ජීවන්ති සේනානායක, දිලිත් ජයවීර, සුරනිමල සේනාරත්න, හර්ෂ අලස්, සුදත් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.