විශේෂ ප්‍රකාශය

අප්‍රේල් 21, 2019

අද පෙරවරුවේ අගනුවර සහ පිට පළාත් කිහිපයක සිදුවු අවාසනාවන්ත පිපිරීම් කිහිපයක ප්‍රතිපලයක් ලෙස සිදුවු ජීවිත හානි පිළිබඳව රජයේ බලවත් කණගාටුව මේ අවස්ථාවේ පලකර සිටිනවා. ඒ වගේම මේ පිපිරීම් හේතුවෙන් තුවාල ලැබු සියලුම පුද්ගලයන් මේ වන විට රෝහල් ගත කොට ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවද දන්වා සිටීමට කැමැත්තෙමි.

රටවාසී සියලුම ජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉතාම වගකීමෙන් හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන මෙන් අතිගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමා හා රජය වෙනුවෙන් මේ අවස්ථාවේදී මා ඉල්ලා සිටිනවා.

මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් පිළිබඳව විධිමත් පරීක්‍ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බැවින්, නොයෙකුත් කට කථාවලට හා අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරන මෙන් මා රජය වෙනුවෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

හේමසිරි ප්‍රනාන්දු

ආරක්‍ෂක ලේකම්