ඉන්දීය ආරක්‍ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අප්‍රේල් 08, 2019

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා (Mr. Sanjay Mitra) මහතා අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

    මෙම හමුවේ දී දෙරටේ ආරක්‍ෂක ලේකම්වරුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාව සිහිවීම සඳහා දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස්, ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.