'බක්මහ දිවුරුම' අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වෙයෙන්

අප්‍රේල් 03, 2019

‘බක්මහ දිවුරුම’ (මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වූ ජාතික ප්‍රතිඥාව) අද (අප්‍රේල් 03) දින නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි. මෙය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමන්හේ සංකල්පයක් වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලට සමගාමිව සිදුකරන ලදී.

මෙහි ප්‍රධාන උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඓතිහාසික නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවට එක්විය. මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා භාෂා ත්‍රිත්වයෙන්ම මෙම දිවුරුම ලබාදෙන ලදී.

ඉන් අනතුරුව ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී උපහාර උළෙලක් පැවැත්විණි. අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘මතින් නිදහස් රටක්’ යන උදාරතර සංකල්පයට තම දායකත්වය ලබාදුන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ වෙනත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකන් තුමන් විසින් උත්සව භුමියේ දී පිළිගනු ලැබීය.

‘බක්මහ දිවුරුම’ ජාතික වැඩසටහනට සමගාමිව ආරක්ෂක අමාත්‍යංශය තුලද එහි සියලු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සහබාගිත්වයෙන් මෙම දිවුරුම පැවැත්විණි. ප්‍රධාන උත්සවයට සමගාමීව පවත්වනු ලැබූ මෙම උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්.කේ.ජී.කේ. නෙම්මේවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ත්‍රිවිධ හමුදාව ඇතුළු නිතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන සමග එක්ව ජනාධිපතිතුමන් විසින් ක්‍රියාත්මක කරන ලද දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය වැටලීමේ වැඩසටනහ හේතුවෙන් මහාපරිමාණ සහ සුලුපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විශාල ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට පසුගිය කෙටි කාලය තුල හැකිවීම අප ලැබූ ඉතා විශාල ජයග්‍රහණයකි. ගොඩබිමේදී සහ මුහුදේදී සිදුකරන ලද මෙම වැටලීම් වලින් මත්ද්‍රව්‍ය අති විශාල තොගයක් රාජසන්තක කිරීමට හැකිවිය.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝග්‍රෑම් 769 කට වැඩි ප්‍රමාණයක් ඊයේ (අප්‍රේල් 01) දින කැලණිය ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයක් තුලදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විනාශ කරන ලදී. මෙම ඵෙතිහාසික අවස්ථාව දැකබලා ගැනීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ද සහභාගී විය. කොකේන් මෙතරම් විශාල තොගයක් රට තුළ විනාශ කෙරුණු දෙවන අවස්ථාව මෙයයි.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු කතානායකතුමන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.