ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 09, 2019

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා නියෝජිත කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 08) දින සවස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.

චිත්‍රපට නිෂ්පාදන හා වෙළඳ ප්‍රචාරණ සමාගම්වල නියෝජිතයින් සහ ඩ්‍රෝන ක්‍රියාකරුවන් විසින් ඩ්‍රෝන යානා භාවිතා කරමින් සිදුකරන රූගත කිරීම් සහ වෙනත් කටයුතු වලදී මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කරන ලදී.

අප්‍රේල් බෝම්බ ප්‍රහාරයෙන් පසුව මැයි මාස නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් ඩ්‍රෝන හා මිනිසුන් රහිත ගුවන් යානා වල ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලදී. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන් ඉදිරියේ ආරක්ෂක ලේකම්වරයා නියෝජිත පිරිස සමඟ සාකච්ඡා පැවැත්වීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය