ආරක්‍ෂක ලේකම් නැගෙනහිර සංචාරයක

අගෝස්තු 10, 2019

අපේ‍්‍රල් 21 වන දින සිදුවීමෙන් පසු ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කල සේවය වෙනුවෙන් ප්‍රශංසා කෙරේ

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (අගෝස්තු 10) දින නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදා ස්ථානගතවීම සහ වත්මන් තත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීමේ අරමුණින් සංචාරයක නිරත විය. ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු නැගෙනහිර කලාපයේ සිදු කල පළමු නිල සංචාරයයි.

ලේකම්තුමන් සමග යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද සංචාරය සදහා සහභාගී විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය වැලිකන්ද වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්තුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ලේකම්තුමන් වෙත යුධ හමුදා සෙබළුන් විසින් ප්‍රධාන දොරටුව අභියසදී මුරහල පසු කර යෑමක් සිදුකර ආචාර දක්වන ලදී.

අනතුරුව, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්චාවකදී නැගෙනහිර කලාපයේ භට පිරිස් ස්ථානගතවීම, ක්‍රියාන්විත කටයුතු පිලිබදව සහ සිවිල් සුභසාධන කටයුතු පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී.

ලේකම්වරයා නැගෙනහිර සංචාරයේදී පූනානි විශ්ව විද්‍යාලය සහ පිපිරීමෙන් හානියට පත් මඩකලපුවේ සියොන් පල්ලිය නැරඹීමට ගියේය.

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් අමතමින් පසුගිය අප්‍රේල් 21 වන දින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මනා සම්බන්ධීකරණයෙන් ක්‍ෂණිකව ක්‍රියාත්මකව දැඩි කැපවීමෙන් මුහුණ දීමට සිදුවූ අභියෝගයට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් සිදු කරන ලද සේවයට ලේකම්තුමන් විසින් ප්‍රශංසා කරන ලදී. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ලද අතීත අත්දැකීම් සමඟ ඇතිවන ලද නව තර්ජනයට ක්‍ෂණිකව හා ප්‍රථිපලදායී ලෙස සාර්ථකව මුහුණ දී ප්‍රතිචාර දැක්වීමට හැකි විය.එතුමන් ප්‍රකාශ කර සිටියේ ඔබ මෙය සිදු කලේ කිසිදු මහජන කෝලාහලයක් හෝ නොසන්සුන්තාවක් ඇති නොකර බවත් සන්නද්ධ හමුදාවන් කෙරෙහි මහජනතාවගේ හොද හිත දිනා ගනිමින් ආරක්‍ෂක හමුදාවන්ගේ කීර්තිනාමය රැක ගනිමින් බව මතක තබා ගත යුතු බවයි.

1983 වර්ෂයේ ඇතිවූ කළු ජූලි කැරලි කෝලාහලය තුලින් එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සංවිධානයේ පිරිස් බලය වැඩිවීමට හේතු වූ බවත් එහි ප්‍රතිවිපාක විශ්‍රාමික සහ සේවයේ දී සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තවමත් විදින්නට සිදුවී ඇති බවත් සිහිපත් කරන ලදී. මහජනතාවගේ ආරක්ෂාව සැලසීමට සෑම විටම ක්‍රියාකලයුතු අතර මහජනතාවට හිරිහැරයක් නොවීමට වගබලා ගත යුතු බවත් ඔවුන්ගේ හදවත් දිනා ගැනීමට ක්‍රියා කල යුතු බව එතුමන් විසින් ප්‍රකාශ කරන ලදී.ත්‍රස්තවාදී යුද්ධයේ දී සටන් කල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ නිලධාරින් විසින් ඇති විය හැකි නව තර්ජනයන්ට මුහුණ දීම සඳහා අත්දැකීම් රහිත නව ආරක්‍ෂක අංශ සාමාජිකයින් දැනුවත් කොට මඟ පෙන්විය යුතු බව ද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහභාගි විය