යුද්ධ හමුදාව සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය වුවන්ගේ අවශ්‍යතා සපුරාලයි

අගෝස්තු 23, 2019

වන්නි හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් තවත් මහජන සුභසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් වව්නියාවේ සුන්දරපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් තුනක් සඳහා නව සනීපාරක්ෂක පහසුකම් ඒකක තුනක් (වැසිකිළි) ඉදිකර දෙන ලදී. යුධ හමුදා මාධ්‍යට අනුව “බෞද්ධයා” රූපවාහිනී නාලිකාවේ අනුග්‍රාහකත්වය මත ඉදිකළ සනීපාරක්‍ෂක ඒකක පසුගිය බදාදා (අගෝස්තු 21) දින පැවති උත්සවයකදී පවරා දෙන ලදී.

මෙම සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීමේ කටයුතු 17(v)ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරන ලදී.

සනීපාරක්‍ෂක ඒකක පවරාදීමේ උත්සවය සදහා පූජ්‍ය ලක්සේගම විමලරතන ස්වාමින් වහන්සේ, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී විය.