බංග්ලාදේශ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 18, 2019

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක  උපදේශක කොමදෝරු සෙයිඩ් මක්සුමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) මහතා අද (ජූනි 18) දින ආරක්‍ෂක  අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී කොමදෝරු හකීම් මහතා සහ ආරක්‍ෂක ලේකම්තුමන් අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවති අතර එම අවස්ථාව සමරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය