ආරක්ෂක ලේකම් “කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019” හි ආරම්භය සනිටුහන් කරයි

අගෝස්තු 29, 2019

9 වන “කොළඹ ආරක්ෂක සමුළුව - 2019” අද (අගෝස්තු 29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. අද පෙරවරුවේ ආරම්භ වූ සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගන්නා ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද කොළඹ ආරක්ෂක සමුළුව යුද හමුදාව විසින් පවත්වනු ලබන ප්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුවයි.

“සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය” යන තේමාව යටතේ මෙම වසරේ සමුළුව පැවැත්වේ.  සමුළුව සඳහා දේශීය හා විදේශීය සහභාගී වන්නන් විශාල ප්‍රමාණයක් සහභාගී වේ.

සමාරම්භය සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම්තුමන් විසින් සාම්ප්‍රදායික හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගෙන් නැගී එන අභියෝගයන්ට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්ෂක හමුදාවන් පරිවර්තනය කළ හැකි හා නවීකරණය කළ හැකි ආකාරයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිමක මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බවත් මෙම සමුළුවේ සාකච්ඡාවන් මගින් හමුදා නවීකරණය, සම්පත් අවහිරතා සහ සහභාගී වන ජාතික රාජ්‍යයන්ගේ තිරසාර සංවර්ධන අරමුණු අතර අන්‍යෝන්‍ය රැදියාව පිළිබඳ පොදු එකගත්වය පිළිබිඹු වන බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

අවසාන වශයෙන් මෙම සමුළුවේ සංවිධාන කටයුතු සිදු කිරීම සඳහා දරන ලද උත්සාහය අගය කරමින් යුධ හමුදාපතිවරයා, ඇතුළු කාර්ය මණ්ඩලයට හට ප්‍රශංසා කරන ලදී.

සමාරම්භක සැසිය සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාපතිවරුන් , ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රිකයින් සහභාගී විය.