පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 04, 2019

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) මහතා අද දින (සැප්තැම්බර් 04) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ඩි එම් ඒ පී දිසානායක මහතාද සහභාගී විය.