බංග්ලාදේශ නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට පැමිණේ

සැප්තැම්බර් 08, 2019

දින හතරක සුහද සංචාරයක් සදහා බංග්ලාදේශ නාවික හමුදාවේ නෞකාවක් වන ‘සොමුද්‍රා අවිජාන්’ සෙනසුරාදා (සැප්තැම්බර් 07) කොළඹට පැමිණියේය.

නාවික හමුදා මාධ්‍යට අනුව කොළඹ වරායට පැමිණි බංග්ලාදේශ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගෙන ඇත.

‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව දිගින් මීටර් 115.2 ක් ද පළල මීටර් 13.1ක් සහ ටොන් 3367.58 ක ධාරිතාවයකින් යුක්තය.

මෙම සංචාරයේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ආකර්ෂණිය ස්ථාන නැරඹීම ඇතුළු වැඩසටහන් රැසකට නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් මතට බංගලාදේශ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ පුහුණු අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිතය.

අඟහරුවාදා (සැප්තැම්බර් 10) දින මෙම නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.