මාතර අප ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා නාවික හමුදා සහාය

සැප්තැම්බර් 09, 2019

කතෝලික බැතිමතුන්ගේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර පිහිටි ස්වාමි දුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් 06 දින සිට 08 දින දක්වා පැවැත්විණි. මෙම කතෝලික ආගමික උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ලබා දුන් බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

අප ස්වාමි දුවගේ ප්‍රතිමාව පෙරහැරේ රැගෙනයාමට නාවික හමුදා භටයින් ද සහාය ලබා දී ඇති අතර මෙම අවස්ථාවට දේශීය හා විදේශීය කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

මෙම ආගමික උත්සවය පැවැත්වීම සඳහා නාවික හමුදාවෙන් ලද සහාය ගාල්ල රදගරු අති උතුම් රේමන් වික්‍රමසිංහ පියතුමන් තුමා ඇතුළු බැතිමතුන්ගේ පැසසුමට ලක්විය.