ආරක්‍ෂක ලේකම් බංග්ලාදේශ නාවික නෞකාවේ සංචාරයක.

සැප්තැම්බර් 10, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා දින හතරක සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් ('Somudra Avijan') නෞකාවේ ඊයේ දින (සැප්තැම්බර් 09) සංචාරයක නිරත විය. මෙම නෞකාව සෙනසුරාදා (සැප්තැම්බර් 07) කොළඹ වරායට පැමිණියේය.

නෞකාව වෙත පැමිණී ආරක්‍ෂක ලේකම්වරයාව නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් සහිරුල් හක් (Zahirul Haque) විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම අවස්ථාවේදී ලේකම්වරයා බංග්ලාදේශ නාවික නිලධාරීන් සමඟ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වූ අතර පසුව ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක්ද නිරතවීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් සහිරුල් හක් (Zahirul Haque) විසින් ආරක්‍ෂක ලේකම්වරයාට සමරු තිළිණයක් පිළිගැන්වීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුනරත්න, බංග්ලාදේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමඩෝර් සයිඩ් මැක්සූමුල් හකීම් (Syed Maksumul Hakim), නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාශල් සුමංගල ඩයස්, හිටපු හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයන් සහ ජ්‍යෙෂඨ නාවික හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

බංග්ලාදේශ නාවික නෞකාව අඟහරුවාදා (සැප්තැම්බර් 10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය