“උදාරයි ඔබ” අද සවස නෙලුම් පොකුණ රගහළේ දී

සැප්තැම්බර් 14, 2019

උදාරයි ඔබ සංගීත ප්‍රසංගය අද සවස 06.30 ට (සැප්තැම්බර් 14 ) නෙළුම් පොකුණ රඟහලේදී පැවත්වේ. ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මගින්  සංවිධානය කරන මෙම ප්‍රසංගය සදහා දිවයිනේ ජනප්‍රියතම  කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.

ටී එම් ජයරත්න, වික්ටර් රත්නායක, කීර්ති පැස්කුවෙල්,  සුනිල් එදිරිසිංහ, සුජාතා අත්තනායක, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, දීපිකා ප්‍රියදර්ශනී, ධනපාල උඩවත්ත, උමාරියා සිංහවංශ, ධම්මික වල්පොල, ධනුමා දිසානායක, සහ සංඛ දිනෙත් යන කලාකරුවන් ප්‍රසංගය සදහා සහභාගී වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී සොනියා කොට්ටෙගොඩ මැතිනියගේ සංකල්පයක් මත ත්‍රිවිධ හමුදා, පොලිසියේ  සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය අරමුදල් රැස්කරගැනීමේ අරමුණින් උදාරයි ඔබ සංගීත ප්‍රසංගය පැවත්වේ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිතය.