රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා ආරක්ෂක ලේකම් හමුවෙයි.

සැප්තැම්බර් 16, 2019

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා අද (සැප්තැම්බර් 16) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

එහිදී, ආබාධිත වු හා මියගිය ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සාමාජිකයන් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55 වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මිය ගිය සාමාජිකයාගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් සහ ආබාධිත සාමාජිකයා ජීවත්ව සිටින තෙක්ම ලබා දීම සදහා වන අනු කමිටු වාර්ථාව එම අනු කමිටුවෙන් ලැබුණු නිර්දේශ සියල්ල අධ්‍යනය කොට අවසන් අනු කමිටු වාර්තාවක් සකසා හෙට දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි අද දිනය තුල අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත භාර දෙන බවට ආරක්ෂක ලේකම්තුමන් විසින් ප්‍රකාශ කරන ලදී.