ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 18, 2019

ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ගරු ඩේවිඩ් හොලි (David Holly) මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසට දකුණු හා බටහිර ආසියානු කලාපයේ පළමු සහකාර ලේකම් ලච්ලන් ස්ටෙපන් (Lachlan Strahan) මහතා ශ්‍රී ලංකා මාලදිවයින් කලාපයේ සහකාර අධ්‍යක්ෂක ධනන්ති ගලපිටගේ මහත්මිය සහ උප ලේකම් සුසාන් ජෝන්ස් මහත්මිය ඇතුලත් විය.

නියෝජිත කණ්ඩායම ද්වීපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව ආරක්ෂක ලේකම්තුමන් සමග සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට ජාතික බුද්ධි ප්‍රධානී ද සහභාගී විය.