ත්‍රස්තවාදයට එරෙහි ඕස්ට්‍රේලියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 30, 2019

ත්‍රස්තවාදයට එරෙහි ඕස්ට්‍රේලියානු තානාපති පෝල් ෆෝලූයි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු  එච්.ඊ. ඩේවිඩ් හොලි මැතිතුමන් අද (සැප්තැම්බර් 30) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී ඕස්ට්‍රේලියානු දූත පිරිස සහ ආරක්ෂක ලේකම් අතර සුහද සාකච්ඡාවක්ද  පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වික්ටෝරියා කොක්ලී මහත්මිය සහ ජාතික බුද්ධි ප්‍රධානී සහභාගී විය.