අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවේ.

ඔක්තෝම්බර් 01, 2019

අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මෙහෙයුම් ප්‍රධානී සරට් ඩෑෂ් මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (ඔක්තෝබර් 01) දින  ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම් සහ අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී අතර සුහද සකච්චාවක්ද පැවැත්විණි.