රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගිතාවය පිළිබද රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේදී

ඔක්තෝම්බර් 02, 2019

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා  සහයෝගීතාවය  පිළිබඳ සාකච්චාවක් අඟහරුවාදා දින (ඔක්තෝබර් 01) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. දේශීය නියෝජිත පිරිසට අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන් මහතා නායකත්වය දුන් අතර රුසියානු දූත පිරිසට රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන විදේශ හමුදා සහයෝගිතා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 5 වන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කර්නල් මැක්සිම් පෙන්කින් (Colonel Maksim Penkin) මහතා විසින් නායකත්වය දෙන ලදී.

ඉදිරි වර්ෂය සඳහා පුහුණුවීම්,හමුදා හුවමාරුවන්, සහාය සහ සංචාරයන් ඇතුළු ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගිතාවය පිළිබද කරුනු මෙම රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම සාකච්ඡාව සදහා හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී ජේ කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී විය.