පාකිස්තාන මහකොමසාරිස්වරයා යුද්ධ හමුදා විද්‍යාපීඨයට තොරතුරු තාක්ෂණ උපකරණ පරිත්‍යාග කරයි

ඔක්තෝම්බර් 03, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය (SLMA) වෙත ලබා දීම සදහා පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර ඇතුළු තොරතුරු තාක්‍ෂණ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ගරු ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් (H.E Dr. Shahid Ahmad Hashmat) මහතා විසින් යුද හමුදාපති කාර්යාලයේදී බදාදා දින  (ඔක්තෝබර් 02)  යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අවස්ථාවේදී හමුදාධිපතිතුමන් වෙත ප්‍රධානය කර ඇත.

යුද හමුදා මාධ්‍යට අනුව, පාකිස්තාන මහ කොමසාරිස්වරයා විසින් දෙරටේ හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ මනා අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් යුද හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වෙත මෙම ත්‍යාග පිරිනමන ලදී.

මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා (Mr. Tanvir Ahmad), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.කේ. ඊශ්වරන් සහ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali) සහභාගී විය.