වෙරළාරක්ෂක බලකාය වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කරයි

ඔක්තෝම්බර් 04, 2019

ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතිය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන සිය කාර්යභාරය ඉටු කරමින් වෙරළ ආශ්‍රිත පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කළේය. ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිතිකරගෙන පසුගිය සතියේදී කලාපීය අධ්‍යක්ෂ කාර්යාල කිහිපයකදී මෙම වැඩසටහන් පැවැත්විණි.

 වෙරළාරක්ෂක බලකා මාධ්‍යට අනුව, මෙම වැඩසටහන් හිදී බටහිර, දකුණු, උතුරු සහ නැගෙනහිර සියලුම කලාපීය අධ්‍යක්ෂ කාර්යාලවල කඳවුරු අසල වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කරන ලදී.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතාගේ මඟ පෙන්වීම මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

රටේ වෙරළබඩ හා සමුද්‍රීය පරිසර පද්ධතීන් විශාල වශයෙන් සිදුවන අහිතකර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයන්ට ලක්ව ඇත. වෙරළබඩ ප්‍රදේශ සිඝ්‍රයෙන් නාගරීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ගෘහස්ථ හා කාර්මික අපද්‍රව්‍ය කසළ සහ අනෙකුත් ඝන සහ ද්‍රව ද්‍රව්‍ය මුහුදට අක්‍රමවත් ලෙස බැහැර කිරීම නිසා වෙරළබඩ ප්‍රදේශ දූෂණයට ලක්ව ඇත.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීමේ පාර්ශවකරුවෙකු ලෙස පරිසර දූෂණය අවම කිරීම සහ වෙරළබඩ ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමද තවද මේ සම්බන්ධව කටයුතු කරනු ලබන පාර්ශවකරුවන්ට සහාය වීම සඳහා ගතයුතු පියවරයන්ද ගෙන ඇත.